දකුණු කොරියානු රැකියා ගන්න ගිහින් මේවට අහුවෙන්න එපා - රජයෙන් අනතුරු ඇඟවීමක්

Report

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව සඳහන් කර තරුණයින් රවටා මුදල් වංචාකළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සඳහන් කරයි.

ඒ අනුව මේ පිළිබඳව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාට ලද තොරතුරක් අනුව කාර්යංශ විමර්ශන අංශය උපාය දූතයින් දෙදෙනකු මාර්ගයෙන් කරුණු සොයා බලා අඳාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම සැකකරු උපාය දූතයන්ට කියා ඇත්තේ මාතර, රාහුල හන්දිය, කියුරෝ උසස් අධ්‍යාපන ශාලාවේදී මේ පිළිබඳව හදුන්වාදීමේ වැඩසටහනේදී භාෂාව පුහුණු කිරීමෙන් අනතුරුව රජය මඟින් ලබාදෙන දකුණු කොරියා රැකියා සඳහා තරුණයින් යොමුකරන බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

ඒ අනුව ඊට ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 20,000 ක මුදලක් අවශ්‍ය බවත් සඳහන් කර ඇත. එසේම එදින ලියාපදිංචිය ලබාගන්නා අයට කොරියානු භාෂාව හැදෑරීමට රුපියල් 35,000 ක වවුචර් පතක්ද ලබාදෙන බව සඳහන්.

ඒ අනුව මෙම තොරතුරු මත ක්‍රියාත්මක වෙමින් කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් ගාල්ල, මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

එසේම වංචාවල පදිංචි 49 වියැති සැකකරු මාධ්‍යවේදියකු වශයෙන් පෙනී සිට ඇතැයි ද ගාල්ල ප්‍රදේශයේ භාෂා පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් එහි භාෂා පුහුණුවට පැමිණෙන පිරිසද මේ වෙනුවෙන් යොමුකර ඇති බවත් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

එළැඹෙන වෙසක් සහ පොසොන් උත්සව සඳහා විදුලිය සීමා කරනවද? රජයෙන් සියලු දෙනාට දැනුම් දෙයි

එළැඹෙන වෙසක් සහ පොසොන් උත්සව සඳහා විදුලිය සීමා කරනවද? රජයෙන් සියලු දෙනාට දැනුම් දෙයි

එමෙන්ම රාජ්‍යන් - රාජ්‍යන් අතර ක්‍රියාත්මක වන කොරියානු රැකියා වැඩසටහන, කාර්යාංශය වෙනත් කිසිඳු ආයතනයක් සමඟ එක්වී කටයුතු නොකරන බවද කාර්යාංශය අවධාරණය කර සිටියි.

එනිසා දකුණු කොරියානු රැකියා ලබාගැනීම සඳහා කිසිදු බාහිර පාර්ශවයකට මුදල් හෝ පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින මෙන් කාර්යාංශය දැනුම් දෙයි.

ඔන්ලයින් බඩු ගන්නවද? පාරිභෝගික අධිකාරියෙන් ජනතාවට දැනුම් දීමක්

ඔන්ලයින් බඩු ගන්නවද? පාරිභෝගික අධිකාරියෙන් ජනතාවට දැනුම් දීමක්