වහාම ආරක්ෂික ස්ථානවලට යන්නැයි හදිසි දැනුම්දීමක්..ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.. ‍

Report

අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

දැනට එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙන බවයි,එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ .

අද සියලුම ලග්න හිමියන් මේ ගැන දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් දවසම දුක්වෙන්න වෙයි..

අද සියලුම ලග්න හිමියන් මේ ගැන දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් දවසම දුක්වෙන්න වෙයි..


කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.

ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 65ත් 75ත් අතර තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව ද දැනුම්දී ඇත.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව, එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර ලෝක කුසලානයේ පෙරළිකාර කණ්ඩායම් දෙකේ තරගය ඇරඹෙයි..

මෙවර ලෝක කුසලානයේ පෙරළිකාර කණ්ඩායම් දෙකේ තරගය ඇරඹෙයි..


තවද මාතලේ දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇති වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.