බංග්ලාදේශයේ මාස 9ක් තුළ මැර ප්රහාරවලින් 187ක් මියයයි
2026 වසරේ මුල් මාස නවය තුළ බංග්ලාදේශය පුරා සිදු වූ මැර ප්රහාර සහ කල්ලි හිංසන සිදුවීම් 398කින් පුද්ගලයින් 187 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 401 දෙනෙකු තුවාල ලබා ඇති බව මානව හිමිකම් සහායක සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
දේශපාලන ගැටුම්වලින් සිදු වූ මරණ 73 හා සසඳන විට මෙය දෙගුණයකටත් වඩා වැඩි අගයක් වන අතර, සොරකම්, මංකොල්ලකෑම්, පැහැරගැනීම්, ස්ත්රී දූෂණ, ආගමික ස්ථානවලට හානි කිරීම් මෙන්ම බලපෑම් පවත්වාගෙන යාමේ උත්සාහයන් පදනම් කරගනිමින් මෙම මැර ප්රහාර සිදුව තිබේ.
ජාතික පුවත්පත් 16ක පළවූ වාර්තා සහ ස්වාධීන විමර්ශන පදනම් කරගනිමින් සකස් කළ මෙම වාර්තාව සඳහා විධායක අධ්යක්ෂ ඉජාජුල් ඉස්ලාම් මහතා අත්සන් තබා ඇත. එම වාර්තාවට අනුව මෙම කාලය තුළ සිදු වූ දේශපාලන හිංසන සිදුවීම් 1,013කින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් 6,473 දෙනෙකු තුවාල ලබා තිබේ.
මින් 91%ක්ම (සිදුවීම් 931ක්) බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ අභ්යන්තර ගැටුම් හෝ ප්රතිවාදී පක්ෂ සමඟ ඇති වූ ගැටුම් වේ. පක්ෂයේ අභ්යන්තර ගැටුම් පමණක් සිදුවීම් 342ක් වාර්තා වී ඇති අතර, ඒවායින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් 2,632 දෙනෙකු තුවාල ලබා ඇත.
ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට
දේශපාලන හිංසනයෙන් මියගිය 73 දෙනා අතුරින් 46 දෙනෙකු BNP පක්ෂයේ ද, 8 දෙනෙකු ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ ද, 6 දෙනෙකු අවාමි ලීගයේ ද සාමාජිකයින් වේ.
තවද දේශපාලන නඩු 270කට වැඩි සංඛ්යාවක පුද්ගලයින් 5,809 දෙනෙකුගේ නම් සඳහන් කර ඇති අතර, හඳුනා නොගත් පුද්ගලයින් 32,433 දෙනෙකුට චෝදනා එල්ල කර තිබේ. අත්අඩංගුවට ගත් 5,644 දෙනා අතුරින් 4,827 දෙනෙකුම අවාමි ලීග් පක්ෂයට අයත් සාමාජිකයින් බවද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.