බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තවත් අඩු පීඩන කලාපයක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Report

ගිනිකොණ දිග සහ ඊට යාබද නැගෙනහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (23) දිනය වන විට නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමනිසා උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්‍ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

අද (22) දින දත්ත මත පදනම්ව ඉදිරි පැය 168 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව පහත පරිදි වේ.

මේ සම්බන්ධයෙන් කාලගුණෙවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටී.

[