අද කාලගුණයේ අමුතු වෙනසක්..දහවල් 12 ට සිදුවන විශේෂ දේ මෙන්න.

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසිවාර කිහිපයක් සහ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඌව පළාත මෙන්ම අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අදාල නිවේදනයේ සඳහන්වේ.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..වරදින එකක් නැහැ.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..වරදින එකක් නැහැ.


එසේම සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි  පැවසෙන්නේ.

ඒ අනූව, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම දෙපාර්තමේන්තුව ජනතාවට දන්වන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුවලින් වන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.

රනිල්ගේ වේදිකාවේ මහින්දගේ හොඳ කියූ මන්ත්‍රිනී..සිදු වූ දේ මෙන්න.

රනිල්ගේ වේදිකාවේ මහින්දගේ හොඳ කියූ මන්ත්‍රිනී..සිදු වූ දේ මෙන්න.


එමෙන්ම දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අද (28) සිට ලබන සැප්තැම්බර් (06) වැනිදා තෙක් ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් සූර්යයා පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, මේ හේතුවෙන් අද (28) දහවල් 12:11ට ඩෙල්ෆ් දූපත, පුනරීන්, තද්දුවන්කොඩ්ඩි සහ චුන්ඩික්කුලම් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි.