ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..වරදින එකක් නැහැ.

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Aug 27, 2024 11:52 PM GMT
Aruna

Aruna

Report

🔴 මේෂ ලග්නය

භුභාශුභ මිශ්‍ර ඵල දෙයි. තරමක් කලබලකාරී ගති උත්පාදනය වෙයි. පොදු සේවා, සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. මහජන හමුවීම්වලට හේතුයි. හදිසි ලාභ ද දෙයි. සිරසගත රෝග

🔴 වෘෂභ ලග්නය

ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකී බවක් ගෙන දෙයි. මහජන සබඳතා වර්ධනයට හේතු කරුණු යෙදේ. තරමක් වෙහෙසව ක්‍රියාකරන දිනකි. දුරස්ථව සිටි තම ඥාතීන් සමීප කරවයි. පෙණහලු ආසාදන රෝග මතුකරයි.

🔴 මිථුන ලග්නය

රාජකාරි බහුල වෙයි. තරමක් අතපසුවීම්වලට හේතුයි. ඇසුරු කරන්නන් අතර විවේචනයට තුඩුදෙන ක්‍රියාද යෙදේ. ඉඩකඩම් ආරවුලක් යහපත්ව විසඳේ. හදිසි ලාභ ද ලබයි. වාතාධික රෝග, උෂ්ණ රෝග මතුකරයි.

🔴 කටක ලග්නය

රාජකාරිවලට අමතර ක්‍රියා යෙදේ. අවිවේකී බවක් මතුකරයි. මහජන සබඳතා වර්ධන ක්‍රියාවන් යෙදෙන දිනකි. තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි. වියපැහැදම් ද අධික වෙයි. අමතර ලාභ ද ලබයි. සෙම් කෝප රෝග සාදයි.

🔴 සිංහ ලග්නය

ක්‍රියාකාරී දිනකි. රාජකාරි බහුලයි. අවිවේකියි. ගමන් බිමන් ද යෙදෙන අතර අන් අයගේ අවශ්‍යතා මත ද ක්‍රියා කිරීමට සිදුවෙයි. තම වෙළෙහෙළඳාම්වල පැහැදිලි දියුණුවක් දෙයි. උගුරේ අමාරු, සෙම් අමාරු මතුවේ.

🔴 කන්‍යා ලග්නය

රැකියා ස්ථානවල පැවති බාධා ඉවත් වෙයි. ප්‍රධානීන් අමතක වෙයි. සතුරු බලපෑම් යටපත් වෙයි. ආර්ථික ලාභ ගෙන දෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි. අමතර ලාභ ලබයි. බඩවැල් ආශ්‍රිත රෝග මූල රෝග දේ.

🔴 තුලා ලග්නය

තරමක් ක්‍රියාකාරකම් බහුල වීමෙන් අවිවේකය ද ඒ නිසාම ආවේගශීලී ගති ද මතුකරයි. සතුරු බලපෑම් ද මතුකරයි. බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු අතර ඉතාම ඕනෑකමින් ඉවසීමෙන් වැඩ කළ යුතුය. සෙම් කෝප රෝග ද මතුවේ.

🔴 වෘශ්චික ලග්නය

අවිවේකී දිනකි. නමුත් ජනතා සේවයට කැපවී ක්‍රියාකරයි. පොදු රාජකාරිවලදී මුල්වී ක්‍රියාකරයි. ව්‍යාපාරවලදී පැහැදිලි දියුණුවකට හේතුයි. භූමි ලාභ මතුකරන දිනකි. ආම වාත රෝග, සන්ධි ප්‍රදාහ මතුකරයි.

🔴 ධනු ලග්නය

  පවුලේ වගකීම් තමන් පිට පැවරෙන අතර රාජකාරිවල ද ක්‍රියාකාරකම් බහුල වෙයි. උත්සාහයේ තරමට තම අරමුණු ජයගනී. ප්‍රීති උත්සව සාද වැනි දේවලට ද හේතුයි. හදිසි ලාභ දෙයි. ඉදිමුම් රෝග, මේහ රෝග මතුවේ.

🔴 මකර ලග්නය

ක්‍රියාකාරකම් බහුල වෙයි. අතපසුවීම්වලට හේතුයි. අන් අයගේ විවේචනයට හේතු වන බැවින් බුද්ධිමත්ව ක්‍රියාවේ යෙදෙය යුතු දිනකි. බලාපොරොත්තු විදෙස් ගමනක් සඳහා පහසුකම් සැලසේ. ලේ දූෂිත රෝග මතුකරයි.

🔴 කුම්භ ලග්නය

ක්‍රියාකාරකම් බහුල වෙයි. උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. ප්‍රීති සාද උත්සවද යෙදේ. වැදගතුන් සමග සබඳතා ඇතිකර ගැනීමේ අවස්ථා යෙදේ. ආගමික වතාවත් ගරු කර ක්‍රියාකරන දිනකි. මූල රෝග, බඩවැල් රෝග මතුකරයි.

🔴 මීන ලග්නය

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. තැන්පත් ධනය වැය වන දිනකි. උත්සව සභාවන් යෙදේ. විනෝදජනක ක්‍රියාවන්හි යොමුවෙයි. මහජන ප්‍රසාදයට පත්වන දිනකි. හදිසි ධන වාසනාව ලබයි. නේත්‍ර රෝග, කර්න රෝග මතුවේ.