අද සිට රට පුරා වැසි තත්ත්වයේ වෙනසක්..කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna May 29, 2024 01:33 AM GMT
Aruna

Aruna

Report

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..


මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව අවධාරණය කරයි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

17 හැවිරිදි පාසල් සිසුවියගේ නිරුවත සමාජ මාධ්‍යයට ලීක් කළ සිදු වීම මෙන්න..

17 හැවිරිදි පාසල් සිසුවියගේ නිරුවත සමාජ මාධ්‍යයට ලීක් කළ සිදු වීම මෙන්න..


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

ReeCha