පලාත් කීපයක්ම යළි තෙත් වේ - මේ පලාත්වලට විශේෂ දැනුම්දීමක්

Report

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (20) සවස් කාලයේ සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ඒ අනුව අදාළ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනය හෙට (21) පස්වරු 3.30 දක්වා වලංගු වන අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු සහ තද සුළං අනතුරුවලින් ආරක්ෂා වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පැය ගාණකට පසු හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් අල්ලස් කොමිසමෙන් පිටව යයි

පැය ගාණකට පසු හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් අල්ලස් කොමිසමෙන් පිටව යයි