''ප්ලග් ගලවපු අයම තනතුරුවල වාඩි කළාම විදුලිය කැපෙනවා තමයි ''-නාමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට සැර ප්‍රහාරයක්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නැව් සම්බන්ධයෙන් වගකීම භාරගත යුත්තේ කවුරුන්ද යන්න රජය පැහැදිළි කළ යුතු බවයි.

ගල්අඟුරු නැව් 19ක් සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවත්, ඉන් නැව් දෙකක් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බවත් සඳහන් කළ ඔහු, එමඟින් සිදුවන පාඩුව අවසානයේ විඳීමට සිදුවන්නේ රටේ ජනතාවට බව ප්‍රකාශ කළේය. විදුලි කප්පාදුවක් සිදුවන විට සහ විදුලි බිල්පත් ඉහළ යන විට එහි බර දරන්නේ සාමාන්‍ය ජනතාව බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, රජය සිය වගකීම් ජනතාව මත පැටවීම පිළිබඳව ද විවේචනය කළේය.

එමෙන්ම, බලයට පත්වීමට පෙර ලබාදුන් පොරොන්දු වත්මන් රජය අමතක කර ඇති බවට චෝදනා කළ නාමල් රාජපක්ෂ මහතා, ග්‍රාමීය ජනතාව විරැකියාව, ජීවන වියදම ඉහළ යාම සහ ආර්ථික දුෂ්කරතා ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටින බවද සඳහන් කළේය.

තවද, රාජ්‍ය ආයතනවල තනතුරු සඳහා සුදුසු දැනුම හා පළපුරුද්ද නොමැති පුද්ගලයන් පත් කිරීම හේතුවෙන් ආයතන පවත්වාගෙන යාමේ ගැටලු මතුව ඇති බවට චෝදනා කළ ඔහු, විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය අපොහොසත් වී ඇති බවද ප්‍රකාශ කළේය.

''දැන් ඔබතුමන්ලා මහා ලොකුවට කයිවාරු ගැහුවට අර ගල්අඟුරු නැව් 19ක් බාල වුණා නේද? දෙකක්ම ගිල්ලා. ගිල්ලේ කවුද කියලා කියන්නකෝ? ජනාධිපතිතුමා කිව්වා කාලා බැලුවේ නැහැ කියලා. බලනකොට කාලා නෙමෙයි, බඩටම යන්න උගුරෙන්ම ගිලලා. ගල්අඟුරු නැව් දෙක ගිල්ලේ කවුද? දැන් ඒකේ පාඩුව විඳින්නේ කවුද? රටේ ජනතාව

ඔබතුමන්ලාට හිතවත් නිලධාරීන් දාගත්තා. ඒ අයට මේ ආයතන දුවවන්න පුරුද්දක් නැහැ, දැනුමක් නැහැ. විපක්ෂයේ ඉන්න කාලේ ඉඳන් ඔබතුමන්ලා කළේ ආයතන කඩාකප්පල් කරපු එක විතරයි. ප්ලග් එක ගහනවා වෙනුවට ප්ලග් ගලවපු එක කළේ. ප්ලග් ගලවපු අයම තනතුරුවල වාඩි කළාම විදුලිය කැපෙනවා තමයි. කලින් කැප්පෙව්වා, දැන් කපනවා. ඇයි වැඩේ කරගන්න තේරෙන්නේ නැහැ,"

යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.''


අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නාමල්ගේ ලේකම් රුපියල් ලක්ෂ 20ක ශරීර ඇප මත එළියට

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නාමල්ගේ ලේකම් රුපියල් ලක්ෂ 20ක ශරීර ඇප මත එළියට