ශ්‍රී ලංකා පොලීසියට අලුත්ම කැබ් රථ 200ක් - කැබිනට් මණ්ඩලයෙන් හදිසි අනුමැතියක්

By Kanchana Oct 20, 2026 09:49 AM GMT
Report

ශ්‍රී ලංකා පොලීසියේ රාජකාරි කටයුතු සඳහා සිංගල් කැබ් රථ 200ක් දේශීය වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා 2026 පෙබරවාරි 23 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ.

ඒ සඳහා ලංසු 7ක් ඉදිරිපත් වී ඇත. ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කළ නිර්දේශය මත, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුව ඉදිරිපත් කළ M/s Diesel and Motor Engineering PLC වෙතින් මෙම රථ මිලදී ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව, TATA YODHA PICKUP වර්ගයේ එක් සිංගල් කැබ් රථයක් රුපියල් 4,785,000ක මිලකට (එකතු කළ අගය මත බදු රහිතව) රථ 200ක් මිලදී ගැනීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - මේ දීමනාව ලබා දෙන කාලය දීර්ඝ කරයි

මේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - මේ දීමනාව ලබා දෙන කාලය දීර්ඝ කරයි