උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Report

2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

විභාගය 2023 ජනවාරි මාසයේදී සිදු වූ අතර, සිසුන් 346,976 ක් සහභාගී විය.

අද ඔබේ දියුණුවේ දොරගුලු විවර යහපත් දවසක්..තරුණ තරුණියන්ට මල් 07යි..

අද ඔබේ දියුණුවේ දොරගුලු විවර යහපත් දවසක්..තරුණ තරුණියන්ට මල් 07යි..


මෙයින් 281,445 පාසල් අයදුම්කරුවන් වන අතර 65,531 පෞද්ගලික අයදුම්කරුවන් විය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් කළ පසු පහත වෙබ් අඩවිවලින් ලබාගත හැකි බවයි.

– www.doenets.lk 


www.results.exams.gov.lk

මේ අතර, අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩසටහනේ 2024 - 2025 වර්ෂ සඳහා සඳහා අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කර තිබෙනවා.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට නියමිතව ඇත.

ඒ හේතුවෙන් සුදුසුකම් සම්පූර්ණ කර ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම අයදුම්පත්‍රය සම්පූර්ණ කර එදිනට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයද, පන්තිභාර ආචාර්යවරයාගේ, පාසලේ විදුහල්පතිගේ හා කලාප අධ්‍යක්ෂකගේ නිර්දේශය ද සහිතව ලේකම්, ජනාධිපති අරමුදල, අංක 35, තුන්වන මහල, ලේක්හවුස් ගොඩනැගිල්ල, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් යොමු කළ යුතු වේ.

රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න.

රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න.


එමෙන්ම, ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි අදාල ශිෂ්‍යත්ව වැඩසටහනේ නම සහ පාසල අයත් අධ්‍යාපන කලාපයේ නම සඳහන් කළ යුතු බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම ශිෂ්‍යත්ව වැඩසටහනෙහි අයදුම්පත් භාර ගැනීම මැයි මස 22 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ නමුත්, පසුගිය දින කිහිපය තුළ පැවති විවිධ පරිපාලන ගැටළු සහ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් හේතුවෙන් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ සිසුන් විශාල සංඛ්‍යාවකගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදු කර ඇත.