මුළු රටටම ප්‍රබල අකුණු ගැන විශේෂ අනතුරු ඇඟවීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් උතුරු - මැද, මධ්‍යම, ඌව, සබරගමුව සහ වයඹ පළාත්වලත් මාතර, හම්බන්තොට, ගම්පහ, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව නිවේදනය කරයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි.
එසේම අඳාළ නිවේදනය අද දින රාත්‍රී 11:00 දක්වා බලපැවැත්වෙනු ඇති බව ද වාර්තා වේ.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසයි.