ඉදිරි පැය 36 තුළ සිද්ධවෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

Report

ඉදිරි පැය 36දී උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව රටේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.

එසේම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව අඳාළ නිවේදනයේ දැක්වේ.

නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝයි - අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකෙන්නැයි දැනුම්දෙයි

නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝයි - අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකෙන්නැයි දැනුම්දෙයි

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද සඳහන්.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු8ව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ

දිට්වා කරපු හරියක් - ලංකා සිතියමට වෙන්න යන දේ

දිට්වා කරපු හරියක් - ලංකා සිතියමට වෙන්න යන දේ