ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (12) දහවල් 12:30ට නිකුත් කළ ප්‍රබල අකුණු අවවාදාත්මක නිවේදනය අනුව, කළුතර, රත්නපුර ගාල්ල මාතර දිස්ත්‍රික්කවල අද රාත්‍රී 11:00 දක්වා ප්‍රබල අකුණු සහ ගිගුරුම්රම් සහිත වැසි ඇති විය හැක.
මෙම කාලගුණ තත්ත්වයත් සමග තාවකාලිකව පැයට කිලෝමීටර් 70-80 අතර තද සුළං හමා යාමේ හැකියාවක්ද තිබේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.