බලපෑ හදිසි ගංවතුරෙන් ළමුන් 5 දෙනෙකු ඇතුළු 7 දෙනෙක් ජීවිතක්ෂයට - 4 දෙනෙක් අතුරුදන්
නැගෙනහිර සිරියානු ප්රදේශවලට බලපෑ අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් ළමුන් පස්දෙනෙකු ඇතුළුව පුද්ගලයන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයන් හත්දෙනෙකු තුවාල ලබා ඇති අතර, සිව්දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
ගංවතුරෙන් ඇති වූ ජලයෙන් යටවූ ස්ථානවල ගිලී යාමෙන් ළමුන් පස්දෙනා මියගොස් ඇති බව සිරියාවේ හදිසි හා ආපදා කළමනාකරණ අමාත්ය රයිඩ් අල්-සාලේ තහවුරු කර ඇත.
සෙසු මරණ අතුරින් එක් මරණයක් රිය අනතුරකින් සිදුව ඇති අතර, අනෙක් මරණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. අතුරුදන් වූ පුද්ගලයන් සොයා ජලයෙන් යටවූ ප්රදේශවල සහන සේවා කණ්ඩායම් විසින් සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක කරන බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටියි.