ආයෙත් සහල් හිඟ වෙන බවට අනතුරු ඇඟවීමක්

Report

ගොවි සංවිධාන නියෝජිතයින් විසින් ලබන සැප්තැම්බර් මාසය වනවිට අනෙකුත් සහල්වල ද හිඟයක් ඇති වන බවට අනතුරු අගවා ඇත.

ඒ අනුව ඔවුන් චෝදනා කළේ කීරි සම්බාවලට ආදේශක සහල් ආනයනය කිරීමට රජයට සිදුව ඇත්තේ ඒ පිළිබඳව නිසි දත්ත නොමැතිකම නිසා බවයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

කෙසේ වෙතත් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව මඟින් නිර්දේශ කර ඇත්තේ කීරි සම්බා වෙනුවෙන් ආදේශක සහල් මෙට්‍රික්ටොන් 40,000ක් ආනයනය කිරීමට බව ද සඳහන්.

රජයේ ආයතන මඟින් ඉන් සහල් මෙට්‍රික්ටොන් 5,000කුත්, පෞද්ගලික අංශය මගින් සෙසු සහල් ප්‍රමාණයත් ආනයනය කිරීමට ද තීරණය කර ඇති බව පවසයි.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

එමෙන්ම රටේ සහල් නිෂ්පාදනය සහ කීරි සම්බා තොග පිළිබඳව රජය සතුව නිසි දත්ත නොමැති බවට ද ගොවි සංවිධාන නියෝජිතයින් ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් හා අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක මහතා අදහස් පළ කර තිබෙනවා.

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි