ජුනි මාසයේ උද්ධමනය ඉහළට - සියයට 6.5 සීමාවට ළඟා වෙයි

Report

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලට අනුව, 2026 ජුනි මාසයේ මෙරට උද්ධමන අනුපාතය සියයට 6.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, 2026 මැයි මාසයේදී සියයට 5.4ක් ලෙස වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය මත ගණනය කරන ලද උද්ධමන අනුපාතය ජුනි මාසයේදී සියයට 6.5ක් දක්වා වැඩි වී ඇත.

ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනයද මැයි මාසයේ පැවති සියයට 1.5 සිට ජුනි මාසයේදී සියයට 3.3ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතයද මැයි මාසයේ සියයට 8.6ක්ව පැවති අතර, එය ජුනි මාසයේදී සියයට 9.3ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලෝක තෙල් මිලේ උණුසුම කොළඹ කොටස් වෙළෙඳපොළටත් දැනෙයි - කොටස් මිල සුළු පහළ යාමක්

ලෝක තෙල් මිලේ උණුසුම කොළඹ කොටස් වෙළෙඳපොළටත් දැනෙයි - කොටස් මිල සුළු පහළ යාමක්

නොගෙවා පැහැර හැරියොත් ඉවරයි - බදු වංචා සහ පැහැර හැරීම් නිසා ශ්‍රී ලංකා ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුම සංශෝධන කරයි

නොගෙවා පැහැර හැරියොත් ඉවරයි - බදු වංචා සහ පැහැර හැරීම් නිසා ශ්‍රී ලංකා ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුම සංශෝධන කරයි