සියවස් ගණනාවක් පුරා පැවත එන මහනුවර ඇසළ පෙරහර සම්බන්ධයෙන් ගන්න යන තීරණයකට කැබිනට් අනුමැතිය

Report

මහනුවර ඇසළ පෙරහර ආශ්‍රිත ඓතිහාසික, සංස්කෘතික සහ සාම්ප්‍රදායික උරුමයන් වෙනුවෙන් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් තහවුරු කිරීමේ විශේෂ ව්‍යාපෘති යෝජනාවක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘බුද්ධිමය දේපළ හරහා උත්සව සංචාරක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම’ ව්‍යාපෘතිය යටතේ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.

එසේම දේශීය සංස්කෘතික උරුමයන්ට හා පාරම්පරික දැනුමට ගරු කරමින්, උත්සව සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට ප්‍රතිලාභී රටවල සංවිධායකයින්ගේ ධාරිතාව වර්ධනය කිරීම WIPO ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව සඳහන්.

රටේම කතාබහට ලක් වූ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ ස්ථාවරය දැනුම් දෙයි

රටේම කතාබහට ලක් වූ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ ස්ථාවරය දැනුම් දෙයි

එමෙන්ම මෙහිදී සියවස් ගණනාවක් පුරා පැවත එන මහනුවර ඇසළ පෙරහරේ සාම්ප්‍රදායික කලා ආකෘති, අනන්‍යතාව සහ වටිනාකම් ආරක්ෂා කිරීම උදෙසා විශේෂයෙන්ම 'ප්‍රකාශන හිමිකම් ආරක්ෂාව' සහ 'වෙළෙඳ ලකුණු හා සන්නාමකරණය' යන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කරන බව වාර්තා වේ.

තවද මෙම ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ සම සභාපතිත්වයෙන් සහ අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට ද තීරණය කර ඇත.

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

එබැවින් මෙසේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන්නේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවටයි.

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි