රජයේ වී මිලදී ගැනීම ඇරඹෙයි - දින කිහිපයකින් මෙට්‍රික් ටොන් 1,910ක් අරන් - ඉදිරි සැලසුම් මෙන්න

Report

රජය විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග ඊයේ (20) වන විට වී මෙට්‍රික් ටොන් 1,910ක් මිලදී ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අද (21) මාධ්‍යවේදියෙකු විසින් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

පසුගිය 13 වැනි දින සිට වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග වී අලෙවි මණ්ඩලය විසින් මේ වන විට රුපියල් මිලියන 229.35ක් මේ වෙනුවෙන් යොදවා තිබෙන බව එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ රජයේ අපේක්ෂාව වනුවේ වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීම බවත් ඒ වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 6,000ක් වෙන් කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ඔඩපන ණය යටතේ රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇතැයිද මෙහිදී පැවසීය.

බැසිල්ගේ පොල් වත්තේ නඩුවට නිකුත් කළ වරෙන්තුව දීර්ඝ කරයි

බැසිල්ගේ පොල් වත්තේ නඩුවට නිකුත් කළ වරෙන්තුව දීර්ඝ කරයි

මේ පිළිබද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තව දුරටත් ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

"අපි වී ගබඩා 143ක් විවෘත කිරීමට නියමිතව තිබුණා. නමුත් තාමත් හැමතැනකම අස්වනු නෙලන්නේ නෑ. දැනට වී ගබඩා 71ක් විවෘත කරලා තිබෙනවා. එම 71න් ඊයේ වන විට මෙට්‍රික් ටොන් 1,910ක් මිලදී අරගෙන තිබෙනවා. වී අලෙවි මණ්ඩලය විසින් රුපියල් මිලියන 229.35ක් ඒ වෙනුවෙන් යොදවලා තිබෙනවා. අපේ බලාපොරොත්තුව වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගන්නට. ඒ වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය මිලියන 6,000ක් වෙන් කරලා තිබෙනවා ඔඩපන ණය යටතේ තවත් මිලියන 10,000ක් වෙන් කරලා තිබෙනවා.

ඒ අනුව වී ලැබෙන ප්‍රමාණයට මිලදී ගැනීම් කරනවා මේ මෙට්‍රික් ටොන් 1,910න් මෙට්‍රික් ටොන් 1,224ක්ම මිලදී ගෙන තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ඊට අමතරව අනුරාධපුයේ තාම ඇවිල්ලා තිබෙන්නේ මෙට්‍රික් ටොන් 150යි, වව්නියාවේ මෙට්‍රික් ටොන් 201, කිලිනොච්චියේ 163යි ඉතුරුවා ඇවිත් තියෙන්නේ මේ ගබඩා විවෘත කරලා තියෙන ඒවාවලින් සූළු ප්‍රමාණවලින්. සමස්තයක් හැටියට තමයි මෙට්‍රික් ටොන් 1910ක් රජය විසින් වී මිලදී අරගෙන තිබෙන්නේ."