පැයට කිලෝමීටර 100ට යද්දී අධිවේගී මාර්ගයේදී සිදුවූ දරුණු සිදුවීම - හර්ෂ ද සිල්වා අත්දැකීම රටටම කියයි
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිය වාහනයට සිදුවූ හදිසි අනතුරුදායක තත්ත්වයකින් අනතුරුව, 1969 හදිසි මාර්ග සහන කණ්ඩායමේ සේවය ප්‍රසිද්ධියේ ඇගයීමට ලක් කර තිබේ. සිය ‘X’ ගිණුමේ වීඩියෝවක් පළ කරමින් ද සිල්වා මහතා සඳහන් කළේ, තමා සහ බිරිඳ ඊයේ සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියදී බියජනක තත්ත්වයකට මුහුණ දුන් බවයි.
කෙසේ වෙතත්, 1969 හදිසි සහන සේවාවට එක් දුරකථන ඇමතුමක් ලබා දීමෙන් පසු ඉතා කෙටි වේලාවක් තුළ සහාය ලැබුණු බවද ඔහු පැවසීය. ඔහුට අනුව, හදිසි සහන කණ්ඩායම මිනිත්තු කිහිපයක් ඇතුළත ස්ථානයට පැමිණ වෘත්තීයභාවයෙන් සහ ආචාරශීලීව කටයුතු කර ඇති අතර, සාමාන්‍ය රාජකාරි පරාසයට අයත් නොවූවත් වාහනයේ ටයරය මාරු කිරීමේ කාර්යයද ඔවුන් විසින් සිදු කර තිබේ. මෙ
ම අත්දැකීමත් සමඟ සියලුම රියදුරන්ගෙන් වාහනවල ටයර් නිතිපතා පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටි ද සිල්වා මහතා, පැයට කිලෝමීටර් 100ක පමණ වේගයෙන් ධාවනය වෙමින් සිටියදී වාහනයේ පසුපස ටයරයට මෙම ගැටලුව ඇති වූ බවත්, එය බරපතළ අනතුරක් නොවී අවසන් වීම තමන් ලැබූ වාසනාවක් බවත් සඳහන් කළේය.
Thank you #SouthernHighway 1969 Emergency Roadside Assistance! Last evening my wife and I had to face a bit of a scary situation but one call and the crew came in within minutes and helped me sort out the problem. They were professional and courteous. In fact they wouldn’t let me… pic.twitter.com/FQRKyr37Cc
— Harsha de Silva (@HarshadeSilvaMP) July 21, 2026