තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Department of Meteorology
Weather
Sinhala news
By Hashini
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර , සබරගමුව , මධ්‍යම , දකුණු , උතුර , උතුරු මැද සහ වයඹ පළාත් වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර 50-60 ක් පමණ විය හැකි බව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහා කලේ ඉද්වයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර 30 -40ක් පමණ විය හැකි බවයි.
එසේම බස්නාහිර , සබරගමුව , මධ්‍යම ,වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් නුවරඑළිය , මහනුවර , ගාල්ල , මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල මි.මී.100 ට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකිය.
