දිස්ත්‍රික්ක 12කට අනතුරු ඇඟවීමක්... අවදානයෙන් ඉන්න
By Akash
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හදිසි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ප්‍රබල අකුණු අනතුරු ඇති විය හැකි බැවින් ඒ ගැන අවවාදාත්මක සිටින ලෙස දැනුම් දෙමින්.
ඒ අනුව, මධ්‍යම, ඌව, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට මෙලෙස අකුණු අනතුරු ඇති විය හැකි බව සඳහන්.
කෙසේ වෙතත්, අද (03) පස්වරුවේ මෙම ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද පැවසෙනවා.
මේ අතර දිස්ත්‍රික්ක 12කට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හදිසි අනතුරු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ප්‍රබල අකුණු අනතුරු ඇති විය හැකි බවයි එම නිවේදනයෙන් දැක්වෙන්නේ.
එම නිසා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.