ලංකාවේ දී ම ද?. සටනට ආව කෝලී මොකට ද මේ සැරසෙන්නේ?. තව ටිකයි..(PHOTOS)

Report

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 14,000 කඩයිම පසුකර යන තෙවැනි පිතිකරුවා බවට පත් වීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි නියමිතව ඇත.

ලංකාවේ දී ම ද?. සටනට ආව කෝලී මොකට ද මේ සැරසෙන්නේ?. තව ටිකයි..(PHOTOS) | Virat Kohli

ඒ සඳහා ඔහුට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 128ක් පමණක් වේ.

ඒ අනුව අද තරගයේ දී හෝ අවසන් එක්දින තරගයේ දී ලැබෙන අවස්ථාව අනුව ඔහුට ශ්‍රී ලංකාවේදීම මෙම සුවිශේෂී කඩයිම පසුකර යෑමේ අවස්ථාව තිබෙනවා.

වෙනස්කම් එක්ක අද මැච් එක ලංකාව දිනයි ද?. ලංකාවෙන් භාරත පුත්තුන්ට ලැබුණ ඉලක්කය මෙන්න..(PHOTOS)

වෙනස්කම් එක්ක අද මැච් එක ලංකාව දිනයි ද?. ලංකාවෙන් භාරත පුත්තුන්ට ලැබුණ ඉලක්කය මෙන්න..(PHOTOS)


මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 14,000 කඩයිම පසුකර ගොස් සිටින්නේ පිතිකරුවන් දෙදෙනෙකු වේ.

ලංකාවේ දී ම ද?. සටනට ආව කෝලී මොකට ද මේ සැරසෙන්නේ?. තව ටිකයි..(PHOTOS) | Virat Kohli

ඒ අනුව මෙම කඩයිම පළමුවෙන්ම පසුකර ගොස් ඇත්තේ ඉන්දියාවෙන්ම බිහිවූ හිටපු විශිෂ්ට පිතිකරුවකු වන සචින් තෙන්ඩුල්කාර් ය.

ඒ ලකුණු 18426 කින් ය.

ඉන් අනතුරුව මෙම කඩයිම පසුකර යනු ලැබුවේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර විසින් ය.

ඒ ලකුණු 14234 ක් ය.

2008 වසරේ දී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ කෝලි අද (04) තරගයද ඇතුළුව ඉන්දියාව වෙනුවෙන් තරග 294 (ඉනිම් 281)කට ක්‍රීඩාකර තිබෙනවා.

මේ දක්වා එක්දින ලකුණු 13,872කට හිමිකම් කියන කෝලිගේ පිතිකරණ වාර්තා අතර ශතක 50ක් හා අර්ධ ශතක 72ක් ඇතුළත්ව ඇත.

ලංකාවේ දී ම ද?. සටනට ආව කෝලී මොකට ද මේ සැරසෙන්නේ?. තව ටිකයි..(PHOTOS) | Virat Kohli

එමෙන්ම, එක්දින ශතක 50ක් වාර්තා කළ පළමු හා එකම පිතිකරුවාද කෝලි පමණක් වේ.

කෝලියෙන් පසු වත්මන් එක්දින පිටියේ කිසිඳු පිතිකරුවෙකු අවම ලකුණු 11,000 කඩයිම හෝ පසුකර නොමැත.

ඒ ආසන්නයේ හෝ සිටින්නේ ඉන්දීය නායක රෝහිත් ශර්මා වන අතර ඔහු එක්දින ලකුණු 10,480කට හිමිකම් කියනු ලබයි.

කෙසේ වෙතත්, මේ වන විට අද (04) ලංකාවේ පැවැත්වෙන තරගයේ දී විරාත් කෝලීගේ ඡායාරූප කිහිපයක් පහතින්,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery