වෙනස්කම් එක්ක අද මැච් එක ලංකාව දිනයි ද?. ලංකාවෙන් භාරත පුත්තුන්ට ලැබුණ ඉලක්කය මෙන්න..(PHOTOS)

Cricket Sri Lanka Cricket Indian Cricket Team Latest Headlines
By krishani Aug 04, 2024 01:13 PM GMT
krishani

krishani

Report

අද (04) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත් වේ.

වෙනස්කම් එක්ක අද මැච් එක ලංකාව දිනයි ද?. ලංකාවෙන් භාරත පුත්තුන්ට ලැබුණ ඉලක්කය මෙන්න..(PHOTOS) | Sri Lanka Vs India August 04Th 2024

එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තිරණය කළේ ය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කළේ ය.

වෙනස්කම් එක්ක අද මැච් එක ලංකාව දිනයි ද?. ලංකාවෙන් භාරත පුත්තුන්ට ලැබුණ ඉලක්කය මෙන්න..(PHOTOS) | Sri Lanka Vs India August 04Th 2024

එහිදී කමිදු මෙන්ඩිස් ලකුණු 40ක් රැස් කළ අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 39ක් රැස් කළේ ය.

එමෙන්ම, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 40ක් රැස් කිරීමට සමත් වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් සහ නායක චරිත් අසලංක ලකුණු 25ක් ලබා ගත්තේ ය.

එමෙන්ම සධීර සමරවික්‍රම ලකුණු 14කට දැවී ගිය අතර ජනිත් ලියනගේ ලකුණු 12කට දැවී ගියේ ය.

වෙනස්කම් එක්ක අද මැච් එක ලංකාව දිනයි ද?. ලංකාවෙන් භාරත පුත්තුන්ට ලැබුණ ඉලක්කය මෙන්න..(PHOTOS) | Sri Lanka Vs India August 04Th 2024

පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Washington Sundar කඩුලු 3ක් දවා ගත් අතර Kuldeep Yadav කඩුලු 2ක් ද දවා ගත්තේ ය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 241ක ඉලක්කයක් හඹා යාමට නියමිතය.

කෙසේ වෙතත්, වේගපන්දු යවන මොහොමඩ් ශිරාස් සහ දඟපන්දු යවන වනිඳු හසරංග අද තරගය සඳහා සහභාගී නොවේ.

වෙනස්කම් එක්ක අද මැච් එක ලංකාව දිනයි ද?. ලංකාවෙන් භාරත පුත්තුන්ට ලැබුණ ඉලක්කය මෙන්න..(PHOTOS) | Sri Lanka Vs India August 04Th 2024

ඒ වෙනුවට කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩසේ මෙම තරගය සඳහා කැඳවා තිබෙනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha