වාහන මිල අඩු නොවේ? හුළං කියන අලුත්ම කතාව

Report

මෙම වසර තුළ වාහන ආනයනයේදී බදු සංශෝධන කිසිවක් සිදු නොවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පවසයි.

ඒ අනුව, වෙළෙඳපොළේ වාහන මිල ගණන්වලත් මෙම වසර තුළ වෙනසක් සිදු නොවනු ඇතැයි ඔහු සඳහන් කරයි.

ඊයේ (24) රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ 360 වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා මේ ආකාරයෙන් අදහස් දැක්වීය.

ප්‍රශ්නය - මේ වසරේදී අපි ඩොලර් බිලියනයක පමණ වාහන ආනයනය කරනු ඇතැයි පුරෝකථනයක් තිබුණා. ඒ හරහා බලාපොරොත්තු වන රුපියල් ආදායම කොපමණද?

Trending News

ශ්‍රී ලංකා පාසල් සිසුන්ගේ භයානක ප්‍රවණතා: සමාජ මාධ්‍ය බලපෑම හෙළිවෙයි

ශ්‍රී ලංකා පාසල් සිසුන්ගේ භයානක ප්‍රවණතා: සමාජ මාධ්‍ය බලපෑම හෙළිවෙයි

ඇමති සැඟවෙයි... හමුදාවත් ආපසු කැඳවයි...බෞද්ධයින්ට නින්දාවක්

ඇමති සැඟවෙයි... හමුදාවත් ආපසු කැඳවයි...බෞද්ධයින්ට නින්දාවක්

"අපි බලාපොරොත්තු වන්නේ බිලියන 300 - 350 අතර ප්‍රමාණයක්. අපේ ආර්ථික වර්ධනයත් එක්ක අපි දැන් 'Wait and See' කියන තත්ත්වයේ ඉන්නවා. බලන්නේ මේ දැන්ම වාහනයක් ඇණවුම් කරනවාද, නැත්නම් පසුවද කියලා. යම් කෙනෙක් බලාපොරොත්තු වුණා බදු අඩු වෙයි කියලා. ඒත් මේ වසර තුළ බදු අඩු වෙන්නේ නැහැ. IMF ගිවිසුම බැලුවනේ. ඒකේ තියෙනවා මේ වසරේ වාහන බදු අඩු කරන්න බැහැ කියලා." එහිදී මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට යෝජිත පත්වීම සම්බන්ධයෙන් ද දුමින්ද හුලංගමුව මහතා අදහස් පළ කළේය.

පන්සලේ සරුවට වවලා මාට්ටු වූ හාමුදුරුවෝ

පන්සලේ සරුවට වවලා මාට්ටු වූ හාමුදුරුවෝ