පන්සලේ සරුවට වවලා මාට්ටු වූ හාමුදුරුවෝ

By Zara Mar 25, 2025 02:29 PM GMT
Report

ඊයේ (24) වන දින වැලිමඩ, බෝගහකුඹුර ප්‍රදේශයේ විහාරස්ථානයක වගාකර තිබූ ගංජා පැළ 571ක් සමඟ හිමිනමක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝගහකුඹුර පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවන එම විහාරස්ථානයේ වැඩ සිටි හිමිනමක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

විහාරය තුලම භික්ෂුවකට කළ අපරාධය (VIDEO)

විහාරය තුලම භික්ෂුවකට කළ අපරාධය (VIDEO)

හිටපු හමුදා ප්‍රධානීන් ආරක්ෂා කරන්න දඟලන මෛත්‍රීපාල

හිටපු හමුදා ප්‍රධානීන් ආරක්ෂා කරන්න දඟලන මෛත්‍රීපාල

එහිදී පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක දී විහාරස්ථාන භූමියේ වගාකර තිබූ අඟල් 06ක් පමණ උසැති මෙම ගංජා පැළ පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම සැකකාර හිමිනම වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර, බෝගහකුඹුර පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.