සංචාරකයන් සඳහා ගුවන් තොටුපළේදී විවෘත වුණු වැට් බදු ආපසු ගෙවීමේ කවුළුව

Report

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා එකතු කළ අගය මත බද්ද (වැට්) ආපසු ගෙවීමේ නව කවුළුවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද (ජූලි 04) කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ මුදල් හා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

මෙම වැඩපිළිවෙළ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ කර්මාන්ත අමාත්‍යාංශය විසින් 2025 මාර්තු 14 වන දින ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්තිමය අනුමැතියකට අනුව ක්‍රියාත්මක වනවා.

කොළඹ වටා පියාසර කළ ගුවන් යානය ගැන නාමල් අනතුරු අඟවයි

කොළඹ වටා පියාසර කළ ගුවන් යානය ගැන නාමල් අනතුරු අඟවයි

ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ දින 90කට වඩා වැඩි කාලයක් රැඳී සිට ඇති සහ වැට් බදු වශයෙන් රුපියල් 50,000කට අධික මුදලක් ගෙවා ඇති සංචාරකයන්ට තමන් ගෙවූ බදු මුදල ආපසු ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවනවා.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ දේශීය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා සංචාරකයන් දිරිමත් කිරීම සහ වැට් බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමයි.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.  

දුම්රියේ යන අයගේ ජීවිත අනතුරේ, බිහිසුණු දුම්රිය අනතුරු ගැන අනතුරු ඇඟවීමක්

දුම්රියේ යන අයගේ ජීවිත අනතුරේ, බිහිසුණු දුම්රිය අනතුරු ගැන අනතුරු ඇඟවීමක්