කොළඹ වටා පියාසර කළ ගුවන් යානය ගැන නාමල් අනතුරු අඟවයි
By Hashini
අවුරුදු 10ක් පැරණි ගුවන් යානයක් කොළඹට ඉහළින් වට තුනක් පියාසර කිරීමට සැලැස්වූ අයට අනාගතයේදී පිළිතුරු දීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය
“අවුරුදු 10ක් පැරණි ගුවන් යානය කොළඹ වටා තුන් වරක් පියාසර කිරීමට වියදම් කිරීමට අවසර දුන් අයට හෙට ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදුවනු ඇත,”
එසේම ඔහු පැවසුවේ ඔහුගේ පවුලේ අය කිසිදු වරදක් කර නොමැති බවත්, සියලු පරීක්ෂණ සඳහා සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා පැවසුවා.
ගෝලීය වශයෙන් ඉන්ධන මිල පහත වැටී ඇති අවස්ථාවක, මෑතකදී ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රී රාජපක්ෂ මහතා පැවසුවේ කොමිස් මුදල්වලින් ප්‍රතිලාභ ලබන්නේ කවුරුන්ද යන්න පිලිබඳ ගැටළු ඇති බවයි.