වාලම්පුරි විකුණුවොත් වැඩ වරදී
ජාඇළ පොලිසිය මඟින් විකිණීමට ගිය වාලම්පුරි 02ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වාලම්පුරි 02ක රුපියල් ලක්ෂ 10 ක මුදලකට විකිණීමට සූදානම් කර තිබූ බව පොලීසිය වාර්තා කරයි.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ වයස අවුරුදු 23 ත් 26 ත් අතර වේ.
එසේම ඔවුන් ඇල්පිටිය, බදුගිරිය සහ හම්බන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද සඳහන්.
මෙම වැටලීම සිදු කර ඇත්තේ ඊයේ (14) දින සවස් කාලයේ ජාඇළ නගරයේ දී ජාඇළ පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මතයි.
ඒ අනුව සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලීසිය ප්‍රකාශ කරයි.
එසේම එහි දී පොලීසිය තවදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ජාඇළ පොලීසිය මඟින් සිදු කරන බවයි.