සුපිරි හෝටලයක් පරික්ෂා කරන්න ගිහින් හමු වුණ දේ, අයිතිකාරයෝ සොයා පොලිස් විමර්ශන

Report

සීගිරියේ සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් හමු වූ බව සීගිරිය පොලීසිය ප්‍රකාශ කරයි.

අඳාළ හෝටලය සීගිරිය ප්‍රදේශයේ තිබෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් සුපිරි හෝටලයක් බව ද සඳහන්.

ඇයටයි දිනුම... ඇයයි දිනන්නේ... ඇය දිනලා අවසන්.... (PHOTOS)

ඇයටයි දිනුම... ඇයයි දිනන්නේ... ඇය දිනලා අවසන්.... (PHOTOS)

එම හෝටලයේ කබඩ් එකක් තුළ තිබූ කුඩා ප්‍රමාණයේ පෙට්ටියක තිබිය දී මෙම උණ්ඩ සොයා ගෙන ඇත.

අඳාළ හෝටලයේ කළමනාකරු විසින් මෙසේ පැමිණිල්ලක් ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව සීගිරිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ විමර්ශනවලදී මෙම උණ්ඩ තොගය සොයා ගෙන තිබෙනවා.

තවත් අනතුරක්, එක් අයෙක් ජීවිතක්ෂයට

තවත් අනතුරක්, එක් අයෙක් ජීවිතක්ෂයට

මෙම උණ්ඩ අයත් හිමිකරුවන් තවමත් සොයා ගෙන නැති බව ද පවසයි.

ඒ අනුව අඳාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.