ඔයත් වැසිකිළියට ගිහින් ෆෝන් එක පැය ගණන් ඔබනවද? වෙන දේ දන්නවා නම් ෆෝන් එක අල්ලන්නවත් හිතන්නෑ

Report

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී වැසිකිළිය තුළදී ජංගම දුරකථනය භාවිතා කිරීම කියන්නේ මේ වෙන කොට පුරුද්දක් කියනවටත් වඩා ඒක සමහර අයට ඇබ්බැහියක්. ඉතින් ඔයත් ඒකට ඇබ්බැහි වුණ කෙනෙක් නම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි.

මෑතකදී සිදුකරන ලද පර්යේෂණයකින් අනාවරණය වෙලා තියෙන විදිහට ජංගම දුරකථන මඟින් මිනිස් සිරුරට හානිකර විය හැකි බැක්ටීරියා විශාල ප්‍රමාණයක් වාහකයන් වශයෙන් ක්‍රියා කරනවා.

විශේෂයෙන්ම වැසිකිළිය තුළදී දුරකථන භාවිතා කිරීමෙන් පසු ඒවායේ බැක්ටීරියා ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා 65 ගුණයකින් ඉහළ යන බව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් තහවුරු කරලා තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ.

කොහොම වුණත් මේ පර්යේෂණයට පුද්ගලයන් පස් දෙනෙකු සම්බන්ධ කරගෙන තියෙන්නේ ඔවුන්ගේ දුරකථන වැසිකිළියට ගෙන යාමට පෙර සහ පසු ඒවායේ තිබූ බැක්ටීරියා සාන්ද්‍රණය පරීක්ෂා කරන ගමන්.

ඔයත් වැසිකිළියට ගිහින් ෆෝන් එක පැය ගණන් ඔබනවද? වෙන දේ දන්නවා නම් ෆෝන් එක අල්ලන්නවත් හිතන්නෑ | Using Your Phone In Toilet Read This

ඒ පරීක්ෂණයෙන් බැක්ටීරියා කාණ්ඩ කිහිපයක්ම හඳුනාගෙන තිබෙන අතර, ඒවා අතුරින් සමේ සහ පරිසරයේ සාමාන්‍යයෙන් ජීවත් වන ස්ටැෆිලොකොකි (Staphylococci) වැනි බැක්ටීරියා මෙන්ම, ආහාර විෂ වීම සහ බරපතළ ආසාදන ඇති කළ හැකි බැක්ටීරියා විශේෂයන් ද දක්නට ලැබිලා තිබෙනවා.

ඒවගේම වැසිකිළි පද්ධතියක් ෆ්ලෂ් කිරීමේදී විෂබීජ සහිත වායු බිඳිති අවට තැන්පත් වන බවත්, ඒවා ජංගම දුරකථනවල තැන්පත් වීමෙන් ආසාදන ව්‍යාප්තිය පහසු වන බවත් විශේෂඥ මතය බව වාර්තා වෙනවා.

ඒ නිසා ජංගම දුරකථනවල පෘෂ්ඨයන් නිතිපතා පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වන අතර, ඒ සඳහා 70% ක් ඇල්කොහොල් අඩංගු විෂබීජ නාශකයක් සහ මයික්‍රොෆයිබර් රෙදි කැබැල්ලක් භාවිතා කිරීම සුදුසුයි කියලා තමයි කියන්නේ.

ඒ වගේම දුරකථනය අනෙක් අය සමඟ හුවමාරු කර ගැනීමෙන් වැළකීම සහ ආහාර පිසින විට හෝ අනුභව කරන විට දුරකථන භාවිතයෙන් වැළකීම මඟින් ද බැක්ටීරියා ආසාදන අවම කර ගන්න පුළුවන් කියලා තමා සෞඛ්‍ය උපදෙස්වල සඳහන් වෙන්නේ.

ඔන්න ඉතින් අද ඉඳන්වත් පැය ගණන් වැසිකිළි‍යේ ඉඳගෙන් ෆෝන් එක ඔබන වැඩේ ටික ටික නතර කරගන්න පටන් ගන්න.

ඔයත් වැසිකිළියට ගිහින් ෆෝන් එක පැය ගණන් ඔබනවද? වෙන දේ දන්නවා නම් ෆෝන් එක අල්ලන්නවත් හිතන්නෑ | Using Your Phone In Toilet Read This

කොච්චර සුදු වුණත් බෙල්ල කළුයි ද? ඔයත් මෙහෙම කරා නම් ලැජ්ජා වුණ කාලේ ඉවරයි

කොච්චර සුදු වුණත් බෙල්ල කළුයි ද? ඔයත් මෙහෙම කරා නම් ලැජ්ජා වුණ කාලේ ඉවරයි