ආපදා කළමනාකරණයෙන් විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.

ඉදිරි පැය 24 තුළ දී මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ පුරෝකථන උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා සදහන් කර තිබේ.

තවද ඒ මහතා සදහන් කළේ එවැනි තත්ත්වයක් ඇති වුවහොත් උතුර, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ මධ්‍යම යන ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවයි.

ඒ අනුව උතුරු පළාතේ මුලතිව්, යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය යන ප්‍රදේශවලට මි.මී 75 - 100ත් අතර, වැසි ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපකල්පනය කර ඇත

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්