අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පොතුවිල් සිට කිලෝ මීටර් 700ක් ගිනිකොණ දෙසින් අක්ෂාංශ 4.9°N සහ දේශාංශ 87.4°E ආසන්නයේ කේන්ද්‍ර ගතවී ඇතැයි දැනුම් දී ඇත.

ඒ අනුව එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟවනු ඇති බවට අපේක්ෂා කරන බැවින් මෙම පද්ධතිය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව සඳහන්.

එහි බලපෑමෙන් අද (8) සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් වැසි තත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව පෙන්වා දෙයි.

අනිද්දට රටට වෙන්න යන්නේ මේකයි - විශේෂ නිවේදනයක්

අනිද්දට රටට වෙන්න යන්නේ මේකයි - විශේෂ නිවේදනයක්

එබැවින් නැවත දැනුම් දෙන තුරු කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂයෙන් අවධාරණය කර ඇත.

තවද දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසත් දැනුම් දී ඇත.

ඒ අනුව වැඩිදුරටත් දන්වා ඇත්තේ අද (8) දින සිට නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන ගැඹුරු නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසයි.

ඉදිරි පැය 12 ඉතා අවදානෙන් - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 12 ඉතා අවදානෙන් - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

මේ රක්ෂණ තියෙන අයට සුබ ආරංචියක්

මේ රක්ෂණ තියෙන අයට සුබ ආරංචියක්