මේ ධීවර ප්‍රදේශවල ජනතාව වහාම ඉවත් වෙන්න - දරුණු අනතුරු ඇඟවීමක්
පවතින කාලගුණික තත්ත්වය මත දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අනිද්දා (24) දින වන විට ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනු ලබයි.
එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ වන විට එම ප්‍රදේශයේ ධීවර කටයුතු වල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශවලින් ඉවත්වන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.
ධීවර සහ නාවික ප්‍රජාවන්, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.