එන්න එන්නම තද වැස්ස නිසා ගංවතුර අනතුරු ඇඟවීමක්
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම නිවේදනයේ සඳහන් වූයේ, කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවල සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාපතනයක් ඇද හැළෙමින් පවතින බවයි.
එම නිසා කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරන ගංඟා ජල මාපකවල විශ්ලේෂණය පෙන්වා දෙන්නේ, ඉදිරි පැය 48 තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
මෙම පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බැවින්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ප්‍රදේශ ආශ්රිත මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන වාහන පදවන්නන්ගෙන් විශේෂ අවධානයෙන් හැසිරීමට ඉල්ලා සිටින බවද කාලගුණ දෙපාර්තමේන්තුව සියලු පාර්ශ්වයන්ට දැන්වා තිබේ.