දිට්වා' සුළි කුණාටුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන-පේරාදෙණිය කොටසේ වැඩ අවසන්

Report

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස විනාශයට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා වූ කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ට්‍රම්ප්ගේ රුව සහිත අලුත් ඩොලරයේ කාසියක් ඇමෙරිකාවෙන්” – ඇමෙරිකාවේ 250 වැනි සංවත්සරය වෙනුවෙන් නව කාසියක්

“ට්‍රම්ප්ගේ රුව සහිත අලුත් ඩොලරයේ කාසියක් ඇමෙරිකාවෙන්” – ඇමෙරිකාවේ 250 වැනි සංවත්සරය වෙනුවෙන් නව කාසියක්

පේරාදෙණියේ සිට මහනුවර දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ පිහිටි කළු පාලම ආශ්‍රිත ප්‍රදේශය, දිට්වා සුළි කුණාටුවෙන් පසුව මෑතකදී ඇති වූ ජලගැල්ම හේතුවෙන් යළිත් ජලයෙන් යටවීම නිසා එහි ඉදිකිරීම් කටයුතුවල යම් ප්‍රමාදයක් සිදු වූ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

සිහින ගමනාන්තය” වැඩසටහන යටතේ නවීකරණය කළ පොළොන්නරුව දුම්රිය ස්ථානය ජනතා අයිතියට

සිහින ගමනාන්තය” වැඩසටහන යටතේ නවීකරණය කළ පොළොන්නරුව දුම්රිය ස්ථානය ජනතා අයිතියට

කෙසේ වෙතත්, පවතින බාධා මධ්‍යයේ වුවද රඹුක්කන හරහා පේරාදෙණිය සිට කොළඹ දක්වා වූ දුම්රිය ධාවන කටයුතු ලබන මාසයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.