සිහින ගමනාන්තය” වැඩසටහන යටතේ නවීකරණය කළ පොළොන්නරුව දුම්රිය ස්ථානය ජනතා අයිතියට

Report

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය ස්ථාන 100ක පහසුකම් ඉහළ නංවමින් නවීකරණය කිරීමේ ”සිහින ගමනාන්තය”  ජනතා වැඩසටහන යටතේ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද පොළොන්නරුව දුම්රිය ස්ථානය අද (03) යළි ජනතා පරිහරණයට පවරා දී තිබේ.

'ක්ලීන් ශ්‍රී ලංකා' ලේකම් කාර්යාලය සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සෘජු මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, පෞද්ගලික ව්‍යවසායකත්ව සේවා හා මූල්‍ය දායකත්වය සහභාගී කරගනිමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබයි.

කොළඹ හිටපු නගරාධිපතිගේ පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග - හේතුව මෙන්න

කොළඹ හිටපු නගරාධිපතිගේ පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග - හේතුව මෙන්න

ඒ අනුව අද දින ජනතාව වෙත විවෘත වූ පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීම සඳහා අරලිය සමූහ ව්‍යාපාරය විසින් රුපියල් මිලියන 35ක පූර්ණ මූල්‍ය දායකත්වයක් ලබා දී ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව දුම්රිය ස්ථානයේ පැරණි ගොඩනැගිල්ල පූර්ණ නවීකරණයකට ලක්කර ඇති අතර, මගී විවේකාගාර, දුම්රිය භාණ්ඩ ගබඩාව, පූජ්‍ය පක්ෂය සඳහා වන විශේෂ විවේකාගාර මෙන්ම කාන්තා සහ පුරුෂ වෙනම විවේකාගාර ඇතුළු නවීන පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.

කොටස් වෙළඳපොළෙන් ගනුදෙනුකරුවන්ට සතුටු හිතෙන ආරංචියක් - අද සියලු කොටස් මිල දර්ශක‍යේ වර්ධනයක්

කොටස් වෙළඳපොළෙන් ගනුදෙනුකරුවන්ට සතුටු හිතෙන ආරංචියක් - අද සියලු කොටස් මිල දර්ශක‍යේ වර්ධනයක්