ගුරුවරුන්ට සුබ වෙයි - ශ්‍රී ලංකා රජය සහ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය අතර ගිවිසුමක්

Report

දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය UNESCO 02 Centre (C2C) වශයෙන් උසස් කිරීමට වන ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම අද (29) දින අරලියගහ මන්දිරයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ඒ අනුව අඳාළ ගිවිසුමට අත්සන් තැබීම UNESCO සංවිධානය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය යන ආයතන අතර සිදුව ඇති බව සඳහන්.

එම අවස්ථාවට සමගාමීව, සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතා විසින් අධ්‍යාපනය සහ පර්යේෂණ ක්ෂේත්‍රයට සිදු කළ දායකත්වය හඳුනා ගනිමින් ඔහුට UNESCO-SACTD Endowed Chair පදවිය පිරිනැමීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් සිදු කර ඇත.

සියලුම පාසල් වෙත දන්වන්නැයි පැතිරෙන භයානක රෝගයක් සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශයක්

සියලුම පාසල් වෙත දන්වන්නැයි පැතිරෙන භයානක රෝගයක් සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශයක්

මෙහිදී “SACTD: A Collaborative Regional Journey” නම් සමරු ග්‍රන්ථය ද අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පිළිගන්වා ඇත.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ගුරු අධ්‍යාපනය සහ ගුරු අධ්‍යාපනඥයින් සවිබල ගැන්වීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර වෙනස් වන තාක්ෂණික ලෝකයේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සහ ඒ සඳහා හැඩගැසීමට ගුරුවරුන්ට අවශ්‍ය සහාය ලබාදිය යුතු බව අවධාරණය කළා.

මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි

මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි

එසේම දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය වැනි කලාපීය සහයෝගීතා ආයතනවල වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, කලාපය මුහුණ දෙන අධ්‍යාපනික අභියෝගවලට විසඳුම් සෙවීමට සංවාද ඇති කිරීම, සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ පොදු ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දී තිබෙනවා.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස්, මේජර් ජනරාල් (විශ්‍රාමික) නයාර් නසීර්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ එක්සත් ජාතීන් පිළිබඳ අතිරේක ලේකම්, තානාපති මනීෂා ගුණසේකර, SACTD අධ්‍යක්ෂ ජනරාල් කමල් පත්මසිරි යන මහත්ම මහත්මීන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.  

සූදානම් වන්නැයි දන්වයි - හෙට සවස 4.30 වන තුරු වලංගු නිවේදනයක්

සූදානම් වන්නැයි දන්වයි - හෙට සවස 4.30 වන තුරු වලංගු නිවේදනයක්

ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න එපා - රටේ ඉන්ධන මිල වැඩිවීමක්ද? - ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙයි

ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න එපා - රටේ ඉන්ධන මිල වැඩිවීමක්ද? - ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙයි

GalleryGalleryGalleryGalleryGalleryGallery