සියලුම පාසල් වෙත දන්වන්නැයි පැතිරෙන භයානක රෝගයක් සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශයක්
මේ දිනවල ඇතැම් දිස්ත්‍රික්කවල පැතිර යන එන්ටරො වෛරස මෙනින්ජයිටීස් නම් රෝගය පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත මාර්ගෝපදේශයක් නිකුත් කර ඇත.
ඒ අනුව එහි සඳහන් කර ඇත්තේ මෙම රෝගය ළමුන්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට වැඩි වශයෙන් බලපෑම් සිදුකරන බවයි.
එසේම රෝගය වැළඳුනු රෝගීන් ඉකුත් අප්‍රේල් මාසයේදී මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සඳහන්.
තවද මේ වන විට නුවරඑළිය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලද මෙම රෝගය ව්‍යාප්ත වි ඇති බවට හඳුනාගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා ඇත.
එබැවින් වසංගත රෝග විද්‍යාත්මක හා පාරිසරික විමර්ශන මඟින් පොකුරු වශයෙන් මෙන්ම තැනින් තැන වාර්තා වන රෝගීන් හඳුනාගෙන ඇති බවත් මෙම රෝගීන් අතර පාසල් සිසු සිසුවියන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත් හඳුනාගෙන තිබෙන බව ද සඳහන් කර ඇත.
ඒ හේතුවෙන් අමාත්‍යාංශය මෙම වෛරසය තවදුරටත් ව්‍යාපත්වීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාසල් දැනුවත් කළ යුතු බවත් දන්වමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
අඳාළ චක්‍රලේඛය පහතින්,
