ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න එපා - රටේ ඉන්ධන මිල වැඩිවීමක්ද? - ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙයි

Report

ලබන ජුනි මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා (01) පැවැත්වෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කරයි.

එම සාකච්ඡාවේදී ගන්නා තීන්දු තීරණවලට අනුව අදාළ මිල සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත්, එළඹෙන ජූලි මාසය අවසන් වන තෙක් රටට ප්‍රමාණවත් ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බැවින් හිඟයකින් තොරව ඉන්ධන නිකුත් කළ හැකි බව ද කළමනාකාර අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

රියදුරන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක් - වෙසක් වෙනුවෙන් පාරවල් වෙනස් වෙයි - ආයේ මේ පාරෙන් යන්න

රියදුරන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක් - වෙසක් වෙනුවෙන් පාරවල් වෙනස් වෙයි - ආයේ මේ පාරෙන් යන්න

මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී මිල අඩු වීමේ හැකියාවක් නොමැති බව මීට පෙර ද ප්‍රකාශ කළ ඒ මහතා, ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව යම් හෙයකින් මිල ඉහළ ගියහොත් එය පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ මිල ඉහළ යාම තරම් විශාල අගයක් නොවනු ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමරිකාවේ සිට බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000 ක් රැගත් නෞකාවක් ඊයේ දිනයේදීත් මෙරටට පැමිණි බව එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේය.

ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා

ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා

එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ නෞකාව එක්සත් ජනපදයේ සිට පැමිණෙන බවයි.

එමෙන්ම මැද පෙරදිග සිට බොරතෙල් මෙට්‍රික් ටොන් 95,000 ක් රැගත් තවත් නෞකාවක් මැයි 31 වන දින මෙරටට පැමිණීමට නියමිතය.

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්