යුක්‍රේන සාම සැලැස්ම, අවසාන සැලැස්ම නොවෙයි – ට්‍රම්ප් කියයි

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරන්නේ යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ සැලැස්ම තමාගේ අවසාන යෝජනාව නොවන බව සදහන් වේ.

තව දුරටත් ඔහු සදහන් කළේ වෙනත් ආකාරයකින් හෝ එම සටන් නතර වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි .

ඔහු මේ බව සදහන් කර ඇත්තේ කරුණු 28කින් යුත් යෝජනාව “යුක්‍රේනයට අවසාන දීමනාව” දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීයි.

මෙම අවස්තාවේදී ඔහු සදහන් කළේ යුක්‍රේනයේ යුද්ධය කෙසේ හෝ අවසන් කිරීමට උත්සාහ කරන බවත්, එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් එය අවසන් කිරීමට සිදුවන බවයි.

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන පුරවැසියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන පුරවැසියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට

තවදුරටත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරන්නේ යුක්‍රේන ජනාධිපති ද එයට කැමති විය යුතු බවයි .

ඒ වගේම එයට අකමැති වන්නේ නම් ඔවුන්ට දිගටම සටන් කිරීමට සිදුවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී පවසා සදහන් කර තිබේ .

ඒ වගේම යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි එම සැලැස්මට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, තමා එම සැලැස්ම සඳහා විකල්ප යෝජනා කරන බව වේ .

 රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඒවගේම එම සැලැස්ම සම්බන්ධයෙන් සදහන් කර ඇත්තේ සැලැස්ම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි.

මේ මොකද මේ රත්තරන් බඩු උකස් කරන්න රට පුරා පෝලිම්

මේ මොකද මේ රත්තරන් බඩු උකස් කරන්න රට පුරා පෝලිම්