රුසියාව අවුලමින් යුක්රේනයෙන් පෙර නොවූ විරූ ප්‍රහාරයක් - ඩ්‍රෝන යානා 140 ක් බිම හෙලද්දි ජනතාවට විශේෂ දැනුම්දීමක්

Report

රුසියාවේ වාර්ෂික ආර්ථික සංසදයේ අවසන් දිනය පැවැත්වෙන ශාන්ත පීටර්ස්බර්ග් නගරයට සහ ඒ අවට ප්‍රදේශයට යුක්රේනය "පෙර නොවූ විරූ ප්‍රහාරයක්" දියත් කර ඇති බව රුසියානු බලධාරීන් සඳහන් කරයි.

ඒ අනුව අවට ලෙනින්ග්‍රෑඩ් කලාපයට ඉහළින් ඩ්‍රෝන යානා 140 කට වැඩි ප්‍රමාණයක් වෙඩි තබා බිම හෙළූ බව ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් ඩ්‍රොස්ඩෙන්කෝ කියා ඇත.

එමෙන්ම නගරයේ ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් බෙග්ලොව් යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව පළමු වතාවට ගෘහස්ථව රැඳී සිටින ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිට තිබෙනවා.

මැද පෙරදිග යළි ගිනියම් වෙයි - කුවේටයට සහ බහරේනයට යළිත් ප්‍රහාර

මැද පෙරදිග යළි ගිනියම් වෙයි - කුවේටයට සහ බහරේනයට යළිත් ප්‍රහාර

මේ අතර යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ රුසියානු ප්‍රහාරවලට සාධාරණ ප්‍රතිචාරයක් වශයෙන් තම හමුදා රුසියාවේ අවි ගබඩා සහ නාවික කඳවුරකට පහර දුන් බව‍යි.

මෙම සිදුවීම සිදු වූයේ යුද්ධය අවසන් කිරීමට සෘජු සාකච්ඡා වෙනුවෙන් ඉල්ලා සිටි වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුවීමෙන් පලක් නොමැති බවට ව්ලැඩිමීර් පුටින් සංසදයට පැවසීමෙන් දිනකට පසුවයි.

එමෙන්ම "මෙම යුද්ධය අවසන් කිරීමට කාලය පැමිණ ඇති" බව සඳහන් කරමින් සෙලෙස්න්කි සෙනසුරාදා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ද රුසියානු නායකයා "සටන් කිරීමට" කැමති බවට චෝදනා කර තිබුණා.

සහරා කාන්තාරය මැද ට්‍රක් රථයක් කැඩී 49ක් පිපාසයෙන් මිය යයි

සහරා කාන්තාරය මැද ට්‍රක් රථයක් කැඩී 49ක් පිපාසයෙන් මිය යයි

එසේම ඔහු පවසා ඇත්තේ රුසියානු නාවික හමුදාවේ බෝල්ටික් බලඇණියේ ප්‍රධාන මුරපොළ ගැන පවසමින්, තම රටේ ඩ්‍රෝන යානා "සතුරු නාවික හමුදාවේ අවි ගබඩා සහ ක්‍රොන්ස්ටාඩ්හි කඳවුරක්" ඉලක්ක කර ගනිමින් ශාන්ත පීටර්ස්බර්ග් කලාපයට කිලෝමීටර් 1,000 ක දුරක් ආවරණය කර ඇති බවයි.

එමෙන්ම ඩ්‍රොස්ඩෙන්කෝ පවසා ඇත්තේ යුක්රේනයේ ප්‍රහාර නිසා නිශ්චිත නොවන හමුදා කඳවුරක ගින්නක් ඇති වූ බැවින් පදිංචිකරුවන් ඉවත් කරමින් සිටින බවත්, ගොඩනැගිලිවලට "නොසැලකිය යුතු" හානියක් සිදුවී ඇති බවත් ය. 

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි