මීට පස්සේ මේ බලපත්රය දීමේදී කොන්දේසියක් - එක් සේවකයෙකුට රුපියල් එක්ලක්ෂ පනස් දහසක අවම වැටුපක්
පොල් රා ඇසුරුම් කර අපනයනය කරනු ලබන සමාගම්වලට ඒ වෙනුවෙන් වන අපනයන බලපත්ර ලබාගැනීමට නම් ඉදිරියේදී පොල් පර්යේෂණ ආයතනය සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව පුහුණුව ලබාදෙන රා මදින්නන් (රා මැදුම් ශිල්පීන්) ඔවුන්ගේ රා මැදීමේ කටයුතු වෙනුවෙන් යොදාගත යුතු බවට පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර පවසන බව වාර්තා වේ.
ඒ අනුව ඔහු පෙන්වා දී ඇත්තේ පොල් ගස් නැගීමට පවතින ආකල්පමය ගැටලුව නිසා මේ වන විට රට තුළ රා මදින්නන්ගේ හිඟයක් පවතින බවයි.
එහෙත් රා මදින්නකුහට රුපියල් එක්ලක්ෂ පනස් දහසක පමණ අවම වැටුපක් ලබාගත හැකි බව පෙන්වා දුන් ඔහු රා මදින්නන්ගේ හිඟයට පිළියමක් වශයෙන් ඔවුන්හට වෘත්තියමය වටිනාකමක් ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව හා එක්ව පුහුණු වැඩසටහන් ලබාදෙන බවද පැවසූ බව සඳහන්.
අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය.. ප්රකාශයටත් පෙරම මිල ඉහළ යන බවට අනාවැකි
මෙම පුහුණු වැඩසටහනෙන් දැනටමත් රා මදින්නන් සිය දෙනකු පමණ පුහුණු කර ඇති බව ද වාර්තා වේ.
එමෙන්ම මේ වනවිට පොල් රා අපනයනය කරනු ලබන ලියාපදිංචිය ලබාගත් ආයතන හතළිහක් පමණ පවතින අතර එම ආයතන මින් ඉදිරියට මෙසේ පුහුණුව ලබාදෙන රා මදින්නන්ගෙන් සේවය ලබාගත යුතු බව සඳහන්.