සුළු මොහොතකට පෙර දිවයිනටම නිවේදනයක් - ඉදිරි පැය 36 වෙන්නේ මේකයි

Report

අද(06) දින සවස 04.00 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියක් නිකුත් කර ඇත.

ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවයි.

එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව සඳහන්.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇති විය හැක.

පවතින තත්ත්වය සමඟ මුළු ලංකාවටම පැය 24ක් වලංගු නිවේදනයක්

පවතින තත්ත්වය සමඟ මුළු ලංකාවටම පැය 24ක් වලංගු නිවේදනයක්

සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැක.

කෙසේ වුවද ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි‍යි.

පවතින වර්ෂාපතනය සමඟ කැලණි, කළු සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළට

පවතින වර්ෂාපතනය සමඟ කැලණි, කළු සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළට

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

Gallery