පාසල් ඡායාරූප සංගම්වලට සහ ආධුනිකයන්ට සහන ක්රමයට කැමරා උපකරණ දීමට ක්රමවේදයක්?
පාසල් ඡායාරූප සංගම්වලට සහ ආධුනික ඡායාරූප ශිල්පීන්ට සහන ක්රමයට කැමරා උපකරණ ලබාගත හැකි වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ පැවැති ඡායාරූප ප්රදර්ශනයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ඡායාරූපකරණය යනු අතිශය සුන්දර විනෝදාංශයක් වන අතරම නව ඡායාරූප ශිල්පීන් සහ ව්යවසායකයන් බිහි කරන මෙවැනි ප්රදර්ශන පැවැත්වීම ඉතා කාලෝචිත බවයි.
තමා ද වනජීවී ඡායාරූප ශිල්පියෙකු ලෙස එම විනෝදාංශයේ නිරත වන බව පැවසූ විපක්ෂ නායකවරයා, මෙම ක්ෂේත්රයට පැමිණෙන නවකයින්ට සහ පාසල් දරුවන්ට අවශ්ය තාක්ෂණික සහ සහන පහසුකම් ලබාදීම තුළින් නිර්මාණශීලී තරුණ පරපුරක් බිහි කළ හැකි බව වැඩිදුරටත් සඳහන් කළේය.