තවත් දරුණු මාරක අනතුරු දෙකක්, පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
පුත්තලම ප්‍රදේශයේ සහ හුංගම පොලිස් වසමේ සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව පුත්තලම පොලිස් වසමේ කල්අඩි ප්‍රදේශයේදී පුත්තලම සිට ආණමඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ ගමන්කළ පදිකයකුගේ ගැටී එක් අනතුරක් සිදුව තිබෙනවා.
එසේම ඊයේ (03) දින සිදුවූ අනතුරින් අවුරුදු 80ක කල්අඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව යතුරුපැදිකරුද තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.
මෙම මෘත ශරීරය පුත්තලම මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි.
මේ අතර ඊයේ අලුයම හුංගම පොලිස් වසමේ රත්න නගරයේදී බුත්තල සිට මාතර දෙසට ධාවනය වූ වැලි පටවාගත් ටිපර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම අනතුරින් ටිපර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේම මරණකරු අවුරුදු 44ක අකුරුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
එසේම අනතුරු සම්බන්ධයෙන් පුත්තලම සහ හුංගම පොලීස් ඒකක වැඩිදුර විමර්ශනය සිදුකරන බව සඳහන්.