හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ආධාරකරුවන් එක්කම අද අධිකරණයට
Sri Lanka Politician
Sri Lanka Magistrate Court
Jeevan Thondaman
Law and Order
Sinhala news
By Kaushi
හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ ඔහුගේ ආධාරකරුවන් අද (04) දින නුවරඑළිය දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.
ඒ කෞනිවේලි වැවිලි සමාගමට අයත් පීටර්බරෝ වැවිලි කර්මාන්ත ශාලාවට අනවසරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී ඇති නඩුව සම්බන්ධයෙන්.
මෙහිදී නඩුවට සම්බන්ධ බවට සැකකරුවන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙහිදී CCTV දර්ශන පරීක්ෂා කිරීමට අධිකරණය නියෝග කළ අතර නඩුව ජනවාරි 26 වන දිනට කල් තබා ඇත.
මේ අතර නඩුවේදී ජීවන් තොණ්ඩමන් සඳහා නීතිඥ පෙරුමාල් රාජදුරෙයි පෙනී සිටියා.
එසේම කෞනිවේලි වැවිලි සමාගම සඳහා පාලිත සුබසිංහ සහ සුරේෂ් ගයාන් අධිකරණයේ පෙනී සිටි බව සඳහන්.