නිර්වාසික ඩිජිටල් සේවාවලට බද්ද ගහන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි
නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සපයන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) බලපැවැත්වීමේ දිනය 2025 ඔක්තෝබර් 1 සිට 2026 අප්‍රේල් 1 දක්වා සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී ඇත.
2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින්, නිර්වාසික ඩිජිටල් සේවා VAT බද්දට යටත් කිරීමට සැලසුම් කර තිබුණි. එහෙත්, සේවා සපයන්නන්ගේ ඉල්ලීම මත, බදු අනුකූලතාව සඳහා සූදානම් වීමට අමතර කාලය ලබාදීමට තීරණය විය.
මෙම සංශෝධන සඳහා විධිවිධාන කෙටුම්පත් කෙරෙමින් පවතින අතර, ඒවා එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීමේ කෙටුම්පතට ඇතුළත් වේ. යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලදී.