රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

Report

මේ වන විට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ආකාරයට වසා දැමීමට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය හිමිව තිබෙනවා.

අඳාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.  

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීමට කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටු වීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳපොළ අවශ්‍යතා සමග නොගැළපීම යන හේතු සාධක මත එම ආයතන තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්යසාධනය ආදීය නිසා අක්‍රිය තත්ත්වයට පත්ව ඇති බව සඳහන්.

ඒ අනුව ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායයන් රජයට වැය බරක් වන ලෙස තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට, එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බව හඳුනා ගෙන තිබෙනවා.

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

එබැවින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව සැලකිල්ලට ගෙන, එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත්ව වසා දැමීමට මෙසේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.  

ඒ අනුව පළමු අදියර යටතේ,

Asian Games pvt ltd

Selendiva Investments Ltd

Lanka Logistics pvt ltd

Commonwealth Game Hambantota pvt ltd

Magampura Port Management Company

Mihin Lanka limited

Techno Park Development Company pvt limited

Media Training Institute Lanka Cement Company pvt ltd

Expressway Transport company pvt ltd

“විෂ ඉඟිය” එක්ක ලක් මව බැබළු ලක්ෂිත

“විෂ ඉඟිය” එක්ක ලක් මව බැබළු ලක්ෂිත