රත්නපුර - පානදුර මාර්ගයේ යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර වෙනුවෙන් රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලිසිය කටයුතු කර ඇත.
එම පෙරහැර ලබන 8 වන දින දක්වා සෑම දිනකම සවස 6:00 සිට පසුදින අලුයම 2:00 දක්වා රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය සිදු කිරීමට නියමිතය.
එබැවින්, පෙරහැර ගමන් ගන්නා කාලපරිච්ඡේදය තුළ රත්නපුර - පානදුර මාර්ගයේ ගමනාගමනය සීමා කර ඇති අතර, මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
මෙම සීමාකිරීම් මඟින් පෙරහැර උත්සවයේ ආරක්ෂාව සහ සුගම බව තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.
